ලිංගිකව එක්විය යුතු නැති අවස්ථාවන් ගැන ඔබ දන්නවද?
මානවයන් දෙදෙනෙක් අතරේ ඇතිවෙන මානසිකව සහ කායික බැඳීම එක්ක ඔවුන්ගේ ආත්ම තෘප්තිය එක්කම වර්ගයාගේ බෝවීමත් සිද්ධ වෙනවා. කොහොමවුනත් මිනිසා සහ සතුන් ලිංගිකව එක්වීම සිදුකලත් මේ පාර්ශව දෙක ලිංගිකව එක්වෙන්නේ වෙනස් ආකාරයෙන්.
මොකද සත්තු තමන්ට කැමති තැනක, කැමති වේලාවක, කැමති විදිහට ලිංගිකව එක්වුණාට මනසින් උසස් මිනිසාට ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් ඊට එහාගිය සීමාවන් සහිත සංස්කෘතිමය රටාවක් තියනවා. ඒක එක් එක් රටවලදි වෙනස් වෙන්නත් පුළුවන්.
කොහොමවුනත් මිනිසාගේ ජීවිත කාලයේදී අඹු-සැමි යුවලක් අතරේ හෝ පෙම්වතුන් අතරේ ලිංගිකව බැඳීම් ඇතිවීම අතිශය සාමාන්‍ය දෙයක්. නමුත් ඔබ දන්නවාද එසේ ලිංගිකව එක්වීමත් සිදුනොකල යුතු අවස්ථාවන් තියනවා කියලා. සමහර විට ඔබටත් අත්දැකීම් ඇති වෙනදා ඉතා සතුටින් ලිංගිකව එක්වෙන ඔබට ඇතැම්විට ලිංගිකව එක්වීම සතුටකින් තොරව කෙළවර නොවුණු අවස්ථාවල්.
මෙන්න මේ පහත ලියවෙන අවස්ථාවන්හීදී ලිංගිකව එක්නොවී ඉන්නවානම් ඉතාම හොඳයි. මොකද ඒ මගින් දෙදෙනාගේම ජීවිතයට,බැඳීමට වගේම මානසික තත්වයටත් යහපත් දෙයක් වෙන නිසා.
01. Sex කියන්නේ ලිංගික උපාංගියක් නෙවෙයි. ඒ කියන්නේ ඔබට සතුට ලඟාකරගන්න පුළුවන් උපකරණයක් විදිහට ලිංගිකත්වය හිතෙන වෙලාවල් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබට කම්මැලිකමක් දැනෙද්දි එළියට ගිහින් ෆිල්ම් එකක් බලනවා වගේ දෙයක් නෙවෙයි ලිංගිකව එක්වෙනවා කියන්නේ. ඒ නිසා ඒක ගැන මතක තියාගෙන ඉන්න එක හොඳයි.
02. තවත් අය තමන්ගේ පරණ බැඳීම බිඳවැටීමේ වේදනාව නැති කරගන්න, එහෙම නැත්නම් කලින් සම්බන්ධයේ ලිංගික සතුටට වඩා සතුටක් ඕන වෙන වෙලාවට ඔබේ වර්තමාන සහකරුවා හෝ සහාරිය එක්ක ලිංගිකව එක්වෙන්න උත්සහ කරනවනම් ඒක ඒ තරම් හොඳ වැඩක් නෙවෙයි.
03. තරහා ගිහින් ඉන්න වෙලාවට නම් කවදාවත් ලිංගිකව එක්වෙන්න යන්න එපා. මොකද ලිංගිකත්වය කියන්නේ ඉතාම ඉහළ හැඟීමක්, තරහා කියන්නෙත් ඒ වගේ හැඟීමක්. මේ හැඟීම් දෙක ධන සහ සෘණ හැඟීම් දෙකක් නිසා කිසිම වෙලාවක එක්වර ඇතිවීම ඒ තරම් ගුණ යහපත් නෑ. දෙන්නා අතර ඇතිවුණ ගැටුමක් සමනය කරගන්න ලිංගිකව එක්වෙන්න එපා, මොකද තරහා හිතේ තියාගෙන ලිංගිකව එක්වෙද්දි එතන සංවේදී බැඳීමක් ඇතිවෙන්නේ නෑ වගේම හානි සිද්ධවෙන්න පවා පුළුවන්.
04. සමහර වෙලාවට යාළු මිත්‍රයෝ සේරම ලිංගිකව එකතුවෙනවා, නැත්නම් සමහරවිට සමහර යාළු මිත්‍රයෝ කසාද බැඳලා එහෙම දැන් ඔබටත් බලපෑම් කරනවා ඇති බඳින්න, sex කරන්න කියලා. මෙන්න මේ පීඩනයට කියන්නේ අපි Peer Pressure කියලා.එවැනි තත්වයකදි ලිංගිකව එක්වීම කිසිසේත්ම යහපත් නෑ. මොකද එවැනි අවස්ථාවක ඔබ ලිංගිකව එක්වෙන්න යන්නේ ඔබට ගැලපෙනම සහ නිවැරදිම සහකරුවා හෝ සහකාරිය එක්ක නොවෙන්න පුළුවන් නිසා.
05. කිසිම වෙලාවක වෙන කව්රුවත් සතුටු කරන්න ඔබ ලිංගිකව එක්වෙන්න යන්න එපා. අඩුම තරමේ ඔබේ සහකරුවා හෝ සහකාරිය එක්ක ලිංගිකව එක්වීමෙන් ඔහු හෝ ඇයට විතරක් නම් සතුටක් ලැබෙන්නේ සහ ඔබ එයින් සතුටක් නොලබනවනම් ඔබ ලිංගිකව එක්වෙන්න සූදානම් වෙන්න එපා. මොකද එය බරපතල මානසික පීඩාවකට හේතුවක් වෙනවා. එයින් depression තත්වයක් දක්වා වුනත් යන්න පුළුවන්.
06. වෘත්තිය ප්රතිලාභයන් වෙනුවෙන් ලිංගිකව එක්වීමත් බොහොම නරක වගේම ලිංගික හැඟීම්වලට අහිතකරව බලපාන දෙයක්. ඊටත් වඩා පුද්ගලික ජීවිතය සහ වෘත්තීය ජීවිතය කියන දෙකම අවුල් වෙන්න මේක හේතුවක් වේවි.
07.ඇතැම් අය ලිංගිකව එක්වෙන්නේ තමන්ගේ තත්වය හෝ ලොකුකම පෙන්වන්න වගේ. එහෙම ලිංගිකව එක්වීම විතරක් නෙවෙයි එය ප්‍රසිද්ධ කරන්නත් පෙළඹෙනවා. එහෙම කිරීම වගේම එවැනි පුද්ගලයන් එක්ක ලිංගිකව එක්වීමත් බොහොම භයානකයි. ඒ නිසා ඔබ ලිංගිකව එක්වෙන්නේ අතිශයින්ම විශ්වාසවන්නත ඔබේ සහකරුවා හෝ සහකාරිය එක්ක පමණක්වීම වඩා වැදගත්.
08. කිසිම හැඟීමක් දැනීමක් නැති, ලිංගික අවශ්‍යතාවයක් නැති, රෝගීවීම නිසා ඇඟට පතට අමාරු වෙලාවකට ලිංගිකව එක්වෙන්න උත්සහ කරන්න එපා. එයින් ඇතිවෙන්නේ පීඩාවක් විතරයි. ඒ පීඩාව නිසා ලිංගික කටයුතු හරියට කරගන්න බැරිවුණාම ලොකු කළකිරීම් පවා ඇතිවෙන්න පුළුවන්.
ඉතින් මේ කියපු දේවල් ඔබට බොහොම වැදගත් වේවි. ඇතැම්විට මේ දේවල් ගැන මේ කියනකල්ම ඔබ හිතලවත් තියේනනේ නැතිව ඇති. ඒ නිසා මේ දේවල් ටික මතකේ තියාගෙන ඉන්න එක පවුල් ජීවිතයට වගේම සාමාන්‍ය ජීවිතයටත් ඉතාම වටිනා දෙයක්.
EmoticonEmoticon