ඔබේ ලිංගික රුචිකත්වය අඩුවෙමින් යනවාද? මෙන්න හේතුව

ඔබේ ලිංගික රුචිකත්වය අඩුවෙමින් යනවාද? මෙන්න හේතුව

මේක වැඩිපුරම අදාල වෙන්නේ ලිංගික සම්බන්ධයක් ඇති සහකරුවන් සහ සහකාරියන්ට. මොකද මේ ලිංගිකත්වය ගැන කතාකරද්දි ආධ්‍යාත්මිකව ජීවිතය ගතකරන සහ ලිංගිකත්වය සම්බන්ධයෙන් ගැටළු නැති අය මේක කියවලා තේරුමක් නැති නිසයි ඔන්න මුලින්ම ඒක කිව්වේ.
ලිංගික ජීවිතයක් ගතකරන ඇතැම් අයට ඇතිවන ගැටළුවක් තමයි සමහර කාලවලදි ලිංගිකව එක්වීම සහ ලිංගිකත්වය පිළිබඳ ඇති කැමැත්ත ටික ටික අඩුවෙලා යනවා වගේ දැනෙන එක. සාර්ථක ලිංගික ජීවිතයක් ගතකරමින් ඉතා තෘප්තිමත්ව පවුල් ජීවිතයක් ගතකරපු ඔබට එකපාරට මෙහෙම වෙන්න ගත්තම එක පැත්තකින් වෙනසක් වගේම බයක් දැනෙන්නත් පුළුවන්.
ඔබට විතරක් නෙවෙයි. මේ වෙනස අනිවාර්යයෙන්ම ඔබේ සහකරුවා හෝ සහකාරියටත් දැනෙනවා. මෙහෙම ලිංගිකත්වට ඇති රුචිය අඩුවීම එක්ක බොහෝ තැන්වලදි පවුල් ප්‍රශ්න පවා ඇතිවෙන්න පටන් ගන්නවා. මොකද ලිංගික බැඳීම කියන්නේ පවුල් ජීවිතයක් ඇතුලේ තිබෙන ප්‍රබල සහ සංවේදී බැඳීමක් නිසා.
මේ විදිහට ලිංගික රුචිකත්වය අඩුවෙන්න, නැත්නම් ලිංගික සංවේදීතාවය අඩුවෙන්න විවිධ හේතු බලපාන්න පුළුවන්. මේ පහත හේතු නිසා ඔබටත් ඇතැම්විට එහෙම වෙලා තියෙන්න පුළුවන්.
  1. පවුල් ජීවිතයේ අර්බුද
  2. ආර්ථික අපහසුතා සහ මානසික අපහසුතා
මේ කියපු දේවල් දෙක නිසා බොහෝවිට ඔබ කල්පනා කරනවා ඇති, ජීවිතේ එපාවෙලා ඇති. එහෙම තියෙද්දි ඔබේ ඇඟට වඩා තෘප්තියක්, සහනයක් බලාපොරොත්තු වෙන්නේ මනසයි. මනස තෘප්තිමත් වුනාමයි ලිංගික තෘප්තියක් ශරීරය අපේක්ෂා කරන්නේ.  ඒ නිසා මෙහෙම මානසිකව බලපාන ගැටළු ඔබට තිබෙනවනම් ඔබේ ලිංගික රුචිය අඩුවෙමින් යන එක සාධාරණයි.
  1. කායික රෝගී තත්වයන්
  2. පාරිසරික සාධක
ඇතැම්විට ඔබට දරුණු හෝ සාමාන්‍ය කායික රෝගී තත්වයන් දිගින් දිගටම ඇතිවෙද්දි ලිංගික රුචිකත්වය අඩුවෙන්න පුළුවන්. ඒ වගේම කාළගුණික හා පරිසර සාධක නිසාත් මෙහෙම වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට කාලයක් තිස්සේ ඌෂ්ණාධික පළාතක ජීවත්වෙන කෙනෙක් දැඩි සීතල පළාතක පදිංචියට ගියාම ලිංගික රුචිකත්වය යම්කිසි සීමාසහිත කාලයකට හෝ අඩුවෙමින් යන්න පුළුවන්.
  1. සිතේ ඇතිවෙන සැකසංකා
  2. විවිධ මිත්‍යා මත
ඇතැම්විට ඔබේ සහකරුවා හෝ සහකාරිය ගැන ඔබ දිගින් දිගටම සැකෙන් ඉන්නවනම්, ඔහු හෝ ඇය ගැන ඔබ ඉන්නේ ආකර්ශණීය සිතිවිල්ලක නෙවෙයිනම් ඔබේ ලිංගික රුචිකත්වය පහත වැටෙන්න පුළුවන්. සැකය හෝ අවිශ්වාසය රැඳෙන තැනක යහපත් සම්බන්ධයක් ඇතිවෙන්නේ නෑ.
ඒ විගේම විවිධ මිත්‍යා විශ්වාසවල දිගින් දිගටම ඇලීගැලී ඉන්නකොටත් මෙහෙම වෙන්න පුළුවන්.
  1. අමිහිරි අත්දැකීම් සහ පසුතැවීම
  2. විවිධ සීමාවන්
බොහෝවිට ලිංගිකත්වය සම්බන්ධයෙන් අමිහිරි අත්දැකීම් (අතවරයන්, බලහත්කාරකම්) නිසාත් ලිංගික රුචිය අඩුවෙමින් යන්න පුළුවන්. මේක දීර්ඝකාලීනව මානසික ව්‍යාකූලත්වයක් දක්වා වුනත් යන්න පුළුවන්. ඒ වගේම තමයි තමන් විසින්ම දාගන්න විවිධ සීමාවන් නිසා ඔබේ ලිංගික නැමියාව අඩුවෙලා ඔබ නිකම්ම යාන්ත්‍රික ජීවියෙක් වගේ ජිවත්වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට ජීවිතේ හරි රස්සාවේ හරි විශේෂ ඉලක්ක තියාගෙන, ඒවා මත්තෙම නැහෙන අයට බොහෝවිට මේ දේ සිද්ධ වෙනවා.
ඉතින් මේ කියපු කාරණා වලින් එකක් හෝ කීපයක් නිසා ඔබටත් කලින් තරම්ම ලිංගිකත්වය සම්බන්ධයෙන් කැමැත්තක්, ආශාවක් නැතිවෙන්න පුළුවන්. නමුත් බොහෝ රටවල මිනිසුන් ජිවිතයේ සැඳෑ සමය දක්වාම ඉතාම සතුටින් සහ තෘප්තියෙන් ලිංගිකව එක්වීම් සහිතව ජීවිත ගතකරනවා කියලා ඔබ දන්නවා ඇති. ගැටළුව තියෙන්නේ ඔබ ලඟ මිසක් ලිංගිකත්වයේ හෝ ඔබේ තෘප්තියේ නොවන බව විතරක් තේරුම්ගන්න