ලිංගික බෙලහීනතාවයෙන් ඔබ නොදැනම පිඩා විඳිනවාද?

ලිංගික බෙලහීනතාවයෙන් ඔබ නොදැනම පිඩා විඳිනවාද?

ලිංගික ජීවිතය කියන්නේ දෙදෙනෙකුගේ ජීවිතයේ බොහොම සොඳුරු අත්දැකිමක්. තරුණ වයසේ සිටම වෙනසක් නැතිව ඇතිවෙන හැඟීම් එක්ක ලිංගික ක්‍රියාකාරකම් වලට යොමුවෙන එකත් එතනින් ප්‍රජනන කාර්යය හරහා වර්ගයා බෝකිරීමත් සිද්ධවෙනවා.
එක පැත්තකින් එය මිනිසාගේ ව්‍යාප්තිය උදෙසා ඇති එකම මාර්ගය විදිහට හඳුන්වන්න පුළුවන්. ඒත් ඔබ ලිංගික ක්‍රියාකාරකම් සඳහා පෙලඹවීම අඩුවීම හෝ ලිංගික ක්‍රියාකාරකම් එපා කරපු ස්වභාවයක් වැනි ගැටලු වලින් පීඩා විඳිනවානම් ඔබේ ලිංගික ජීවිතය වගේම පුද්ගලික ජීවිතයටත් මුහුණ දෙන්න වෙන්නේ ඉතාම කණගාටුදායක තත්වයකට. බරපතල සිද්ධිය තමයි බොහොමයක් පුද්ගලයින් තමන් මෙවැනි ලිංගික බෙලහීනතාවයකින් පෙලෙනවාද කියන එකවත් හරියට නොදැන ඉන්න එකයි.
ඕනෑම වයස්වල සිටින පිරිමි සහ ගැහැනු ළමුන් සඳහා ලිංගික දුර්වලතා ඇතිවිය හැකියි. එමෙන්ම ලිංගික ක්‍රියාකාරකම් සඳහා ශාරීරික සහ සෞඛ්‍ය හේතු මත පරිපූර්ණ ආකාරයට ලිංගික සබඳතාවක් පවත්වාගත නොහැකිවීම  ලිංගික බෙලහීනතා ලෙස හඳුනාගත හැකිය. නමුත් මේ තත්වයට පිළියම් තිබෙන බවත් ඔබ දැනගත යුතුමයි.
ලිංගික බෙලහීනතාවයට බලපාන හේතු බොහොමයක් තිබෙනවා. ඒ අතරින් වඩාත්ම ප්‍රචලිත හේතු තමයි ලිංගික හිංසා, මානසික ගැටළු, දියවැඩියාව, හෘද රෝග හෝ වෙනත් රෝග තත්වයන්, මත්ද්‍රව්‍ය භාවිතය, මත්පැන් භාවිතය, දීර්ඝකාලීනව ගන්නා ඇතැම් ඖෂධ නිසාද මෙම තත්වය ඇතිවිය හැකිය.
මෙම කරුණු මෙන්ම දරු ප්‍රසූතියෙන් පසුව හෝමෝන වෙනස් වීම, මව්කිරි දීම, ආර්තවහරණ,සම්බන්ධතා ගැටළු, ලිංගික අවහිරතා, ආතතිය, තෙහෙට්ටුව නිසාද ලිංගික බෙලහීනතාවය ඇතිවිය හැකියි.
යම් පුද්ගලයෙකුට තිබෙන ශාරීරික රෝගී තත්වයක් සහ එම රෝගයට ඔහු ලබා ගන්නා ඖෂධ නිසා ශිෂ්ණය අප්‍රාණික වීමට පුළුවන. අධික ලෙස මත්ද්‍රවය වලට ඇබ්බැහි වීම සහ තරබාරු බව ද මෙයට හේතුවක් විය හැකියි. යම් පුද්ගලයකු ජීවත් වන පරිසරය සහ ඔහුගේ මානසික තත්වයද මෙයට සෘජුව බලපාන්න පුළුවන්.
අකමැත්තෙන් හෝ බලාපොරොත්තු රහිත වෙලාවක සිදුවන ලිංගික සංසර්ගයක් පවා ලිංගික බෙලහීනතාවකට හේතුවක් විය හැකි බව වෛද්‍ය මතය වී ඇත.  ආර්තවහරණයන් හි හෝමෝන වෙනස්කම් වලට සංසර්ගයේ සංකූලතාවයක් ඇති කළ හැකිය. විශේෂයෙන්ම ලිංගික සම්බන්ධකම් සඳහා ඔබේ කැමැත්ත අකමැත්ත ඇති වන්නේ ඒ සඳහා ඔබ තුළ ඇති සංවේදීතාවමතයි.
ඒ නිසා එවැනි ලිංගික ක්‍රියාවන් වෙත පෙළඹෙන්න මානසික තත්වයක් නොමැතිවීම, කායික ප්‍රියතාවයක් නොමැතිවීම, කැමැත්තෙන් ලිංගිකව එක්වෙන්න උත්සහ කලත් එයට අවශ්‍ය ලිංගික සක්‍රියතාවය නෙැමැතිවීම, ශිෂ්ණය ප්‍රාණවත් නොවීම, යෝනිය තෙත් නොවීම වගේ තත්වයන් තිබෙනවනම් සහ එය දීර්ඝකාලීනව පවතිනවනම් ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය (Sexual and Reproductive Health) සම්බන්ධ වෛද්‍යවරයෙක් හමුවීම වඩාත් සුදුසුය.
ලිංගික ගැටලු දිගටම සිදු වන විට, දෙදෙනාම කාංසාවට පත් විය හැකිය. ඔබ එය සාකච්ඡා නොකරන්නේ නම් එම ගැටළු වලට ප්‍රතිකාර මෙන්ම ඇතැම් විට සහනයක්ද ඇතිවිය හැකිය. ලිංගික බෙලහීනතාවය මාසික හේතු සහ කායික හේතු මතද ඇතිවිය හැකියි ඒ නිසා එවැනි තත්වයකදී දෙදෙනා අතර බැඳීම සහ යහපත් සන්නිවේදනය ඉතා වැදගත්. සහකරුවාට හෝ සහකාරියට අවමන් නොකර, අපහසුතාවයට පත්නොකර ඔහුට හෝ ඇයට මෙම තත්වයෙන් ගොඩ එන්නට උදව් කරන එක තමයි වැදගත් වෙන්නේ.
ඇතැම් අවස්තාවලදී වෙනත් රෝගී තත්වයකට ඔබ ගන්නා ලද ඖෂධ පවා ඔබේ ලිංගික දිවියට බාධා ගෙන එනු ලබනවා. ඒ නිසා කුමක් හෝ ඖෂධයක් දීර්ඝකාලීනව ගනිද්දි පලපුරුදු වෛද්‍යවරයෙක්ගෙන් එහි ඇති වක්‍ර ප්‍රතිඵල ගැන අසා දැනගන්න. කොහොමවුනත් ලිංගික බෙලහීනතාවය සුවපත් කරන්නට මාර්ග තිබෙනවා වගේම ඔබේ චර්යාවද බෙහෙවින් ඉවහල් වෙනවා කියන එක මතක තබාගන්න.